රුපියල් 1900කට කොත්තු රොටියක් විකිණීමට ගොස් එය ප්‍රතික්ෂේප කළ විදේශිකයෙකුට බැන වැදී හිරිහැර කරන ලද සිද්ධියක් සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමියෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Emeka Iwueze නැමැති මෙම විදේශ ජාතිකයා විසින් ලංකාවේ සංචාරය කරන අතරතුර සිදුකළ වීඩියෝවක් පටිගත කරමින් කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් අලෙවි සැලකට ගිය අවස්ථාවක දී මෙම අත්දැකීමකට මුහුණ දී ඇති බව සඳහන්.
ඔහුගේ වීඩියෝව සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වීම සමඟ ඊට බොහෝ දෙනා ප්‍රතිචාර දක්වා තිබුණා.
පොලීසිය අදාළ වීඩියෝව පදනම් කරගෙන විමර්ශන අරඹා සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු පදිංචි 51 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පුද්ගලයෙක් වන අතර ඔහු අද (17) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Leave a Reply