Loading...

ජාතික ලැයිස්තුව ගැන සමඟි ජන බලවේගයේ අවසන් තීරණය අද

සමඟි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් පිළිබඳව වන අවසන් තීරණය අද (22) දිනයේ දී ගැනීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද (22) දිනයේ රැස්වී අදාළ තීරණය ගනු ඇති බවයි.

සමඟි ජන බලවේගය පක්ෂය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5ක් හිමිවූ අතර මේ වන විටත් ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දිවුරුම් දී තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එරාවූර් නගර සභාවේ හිටපු සභාපති එම්. එස්. නලීම් මහතාව පත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *