පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
ඊට අදාළ යෝජනාව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කළා.
මෙහිදී පැවැති ඡන්ද විමසීමේ දී ඒකමතිකව එම යෝජනාව සම්මත වුණා.
විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම පිළිබඳව ඒ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙම පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බව මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් යෝජනා කළා.
Leave a Reply