අඩු ආදායම් ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ වැඩකටයුතු කඩිනමින් සිදු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අඩු ආදායම්ලාභී පවුල්වලට මාස දෙකක කාලයක් එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 20ක් පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා.
එම කැබිනට් අනුමැතියට අනුව කඩිනමින් තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් මළු බෙදා දීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කරන ලෙසයි එම අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.
ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන්, අභියාචනා ඉදිරිපත් කර ඇති පුද්ගලයින් අතරින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සඳහා තෝරාගන්නා පුද්ගලයින්, අස්වැසුම වැඩසටහන හරහා ප්‍රතිලාභ නොලැබෙන සමෘද්ධි ප්‍රතිලාභීන්, අස්වැසුම හෝ සමෘද්ධි ප්‍රතිලාභ නොලබන අමතර මූල්‍යාධාර ලබන වැඩිහිටි පුද්ගලයින්, ආබාධිත පුද්ගලයින් සහ නිදන්ගත රෝගී පුද්ගලයින් සඳහා මෙම සහල් මළු බෙදා දීමට නියමිතව තිබෙනවා.
මේ සඳහා අවශ්‍ය වන මෙට්‍රික් ටොන් 54800ක පමණ සහල් ප්‍රමාණය සැපයුම්කරුවන්ගෙන් මිලට ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදු කළ යුතුව ඇති අතර ඒ සඳහා ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන්.
Leave a Reply