Loading...

ප්‍රාථමික දරුවන්ට ආහාර ලබාදීමේ වැඩසටහන අදින් ඇරඹේ

දිවයිනේ සියළු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට අද (25) සිට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ පෝෂණවේදීන්ගේ නිර්දේශ සැලකිල්ලට ගෙන උදෑසන 7.30 සිට 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන බවයි.

ක්‍රියාශීලි දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහ මඟින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටළු අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතික ගොඩගැනීම යන මුලික අරමුණු ඉටු කරගැනීමට අපේක්ෂිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

රටපුරා රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල (1 – 5) සියළු සිසුන් හා 100ට අඩු සිසුන් ගණනක් සිටින සියළුම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් ලක්ෂ 16ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබෙනවා.

එම අමාත්‍යාංශය කියා සිටියේ රජය මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 1660ක් වැය කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *