2024දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සහාය පළකරන බව ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරයේ විශ්වාස කරන බවයි.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අධිකරණය විසින් අර්ථකථනය කරන තෙක් දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ව්‍යාපාරිකයෙකු වන දයාන් ලෙනව මහතා විසින් ඊයේ (03) ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයා මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතිඥයින් සමඟ ඒ සම්බන්ධයෙන් කිසිඳු අදහසක් ලබානොගත් බවයි.
Leave a Reply