ප්‍රදේශ කිහිපයක ගංවතුර සහ ආපදා තත්ත්වය ගුවනින් ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) නිරීක්ෂණය කළා.
රුවන්වැල්ලේ පැවැති ජනහමු කිහිපයකට සහභාගී වීමෙන් පසුව නැවත කොළඹ බලා එන අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙලෙස ආපදා පවතින ප්‍රදේශ හරහා ගමන් කරනු ලැබුවා.
එහිදී ජනාධිපතිවරයා කඩුවෙල, රුවන්වැල්ල, ඉංගිරිය, බුලත්සිංහල, බදුරලිය, නෙළුව, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්‍රදේශවල නිරීක්ෂණයන් සිදුකර තිබෙනවා.
මේ අතර කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා ඒකමතිකව අනුමැතිය හිමිවුණා.
අයහපත් කාලගුණය තත්ත්වය කොළොන්නාව ප්‍රදේශයේ ජනතාව මුහුණ පා ඇති තත්ත්වයන් සම්බන්ධව සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) එම ප්‍රදේශයේ නිරීක්ෂණය සංචාරක නිරත වූ අතර එහිදී ප්‍රදේශවාසී ජනතාව ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.
ගංවතුර හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ප්‍රදේශයේ ජනතාවට මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල බලපෑමට ලක්ව ඇති ජනතාවට ආහාර පාන සැපයීම සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සලසා දීම, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර තත්වයන්ට හේතු වී ඇති අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කිරීම ,ඉඩම් ගොඩ කිරීමේ කටයුතු නැවැත්වීම සහ ප්‍රදේශයේ කානු පද්ධතිය පිළිසකර කිරීම ඇතුළු අනෙකුත් අදාළ පියවර ගැනීම,එම ප්‍රදේශයේ ගංවතුර තත්වයන් ඇතිවීම සඳහා බලපා ඇති මූල හේතූන් හඳුනාගෙන ඉදිරියේදී එවැනි තත්ත්වයක් නැවත ඇති නොවන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවතින ඉඩම් උපරිම ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගනිමින් කොලොන්නාව නගරය නැවත සැලසුම් කිරීම පිණිස සවිස්තරාත්මක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාල අනෙකුත් ආයතනවල නියෝජනයන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සඳහන්.
Leave a Reply