Loading...

සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ වනවා.

මෙවර දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 16 වසරකට පසුවයි.

මෙහි සමාරම්භය අද (18) 12.30ට පමණ සිදුකෙරෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඊට සහභාගී වීමට නියමිතයි.

මෙම අවස්ථාවට විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් ද මෙම අවස්ථාවට එක්වීමට අපේක්ෂා කරන අතර ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් මහනුවර වෙත රැගෙන ඒමට කටයුතු සුදානම් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහානා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව හෙට සිට අප්‍රේල් 27 වනදා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි.

ආරම්භක දිනය වන අද (18) දින පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසාදී තිබෙන අතර අනිද්දා (19) සිට දිනපතා දහවල් 12.00 සිට පස්වරු 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇති.

ක්‍රිස්තු වර්ෂ 310දී පමණ ත්‍රිකුණාමලයේ අප්‍රකට වරායකින් ලංකාද්වීපයට වැඩම කරවූ දළදා වහන්සේ මෙරට රාජධානි කිහිපයක ගමන් මඟින් වර්ථමාන ඓතිහාසික සෙංකඩගල දළදා මැදුරේ දළදා වහන්සේ ලෝවාසි ජනීජනයාගේ වන්දනා මානයට පාත්‍ර වනවා.

සිරි දළදා වන්දනාවේ පළමු දැක්ම අද (18)ට වසර 1715 පෙර අනුරපුර කිත්සිරිමෙවන් මහරජු දවස දක්වා දිවෙන බව වංශයේත්, පාහියන් චීන දේශාඨන වාර්තාවල සඳහන් වනවා.

ඉන් අනතුරුව මෑත කාලීන ඉතිහාසයේ 1828, 1882, 1972, 1978, 1991, 1995, 2001, 2004 සහ අවසන් වරට 2009 වසරේදී සිරි දළදා වන්දනාව පැවැත්වුණා.

මේ අනුව වසර 16කට පසු ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් බැතිමතුන්ට මෙවර උදාවී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *