Loading...

ජනපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවට යටත්ව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියෝග කළා.

අදාළ පෙත්සම රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ එම නඩු ගාස්තුව ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *