Loading...

අවුරුදු ගීතය විකෘති කළ පුද්ගලයා අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය රෝහණ බැද්දගේ මහතාගේ නිර්මාණය කළ අවුරුදු ගීතය විකෘති කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට සුරාබදු නිලධාරියෙකු පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආචාර්ය රෝහණ බැද්දගේ මහතාගේ මහතා සහ තවත් ගායන ශිල්පීන් කිහිපදෙනෙක් විසින් ගායනා කරනු ලබන අවුරුදු සමයේ නිරන්තරයෙන් විකාශය වන ‘සුර්ය මංගල්‍යය’ යන ගීතය මෙලෙස විකෘති කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව ඊයේ (16) වාරියපොළ පිහිටි වයඹ පළාත් ඒකකය විසින් එම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු අද (17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *