ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම මේ මස 10 වනදා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2020 සහ 2021 වසරයන්හි අ.පො.ස උසස් ප්‍රතිඵල මත මේ මස 5 වැනිදා සිට ඉල්ලුම් කළ අයදුම්කරුවන්ගේ අයදුම්පත් වල සංශෝධන සඳහා මේ මස 11වැනිදා සිට 17වැනිදා මධ්‍යම රාත්‍රි 12දක්වා ඊට අවස්ථාව ඇති බවයි.
මෙම සහනය 10 වනදා දක්වා අයදුම් කරන අයටද හිමිවන බවයි වාර්තා වන්නේ.
Leave a Reply