ලක්දිව ඉතිහාසයේ ඓතිහාසිකම ජනවරම රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ උළුවිටිකේ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා “දේශපාලන පක්ෂ වලට හසුවූ ජනතාව දැන් එතැනින් ඉවත් වෙමින් සිටිනවා. ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරමින් සිටිනවා.
මේ ගැන රටේ සමස්ථ ජනතාව කල්පනාවෙන් සහ අවබෝධනයෙන් ක්‍රියාකළ යුතුයි.”
Leave a Reply