Loading...

පැරිස් ඔලිම්පික් උළෙල අද ඇරඹේ

33 වන ඕලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (26) ආරම්භ වනවා.

එය ලබන මස 11 වනදා දක්වා පැරිස් නුවර ඇතුළු ප්‍රධාන නගර 16ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇති.

රටවල් 206ක් නියෝජනය කරමින් ක්‍රීඩා ඉසව් 32ක් වෙනුවෙන් මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10714ක් තරඟාවලියට එක්ව තිබෙනවා.

මෙවර ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 6ක්.

මේ අතර අද (26) පැවැත්වෙන ඕලිම්පික් තරඟාවලියේ සමාරම්භක උළෙලේ ශ්‍රී ලංකා ධජය ගෙන යෑමේ වගකීම බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහට සහ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ හට පැවරී තිබෙනවා.

තවද විරේන් නෙත්තසිංහ ශ්‍රී ලංකා වෙනුවෙන් ප්‍රථමයෙන් තරඟාවලියේ තරඟ බිමට පිවිසෙන අතර ඔහු හෙට (27) අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ පළමු මුලික තරඟ එක්වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *