මෙරට මුළු ජනගහණය 21,781,800ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) ප්‍රකාශයට පත් කළා.
ඒ 2024 වසරේ මුළු දිවයිනම ආවරණය කරන පරිදි සිදුකළ ජන හා නිවාස සංගණනයේ දත්ත උපයෝගී කරමින්.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ සමස්ථ ජනගහනයෙන් කාන්තාවන්ගේ ප්‍රතිශතය 51.7%ක් වන අතර පිරිමින්ගේ ප්‍රතිශතය 48.3%ක් බවයි.
ඊට අමතර පුමිතිරි අනුපාතය සටහන්ව ඇත්තේ කාන්තාවන් 100කට පුරුෂයින් 93.3ක් ලෙසිනි.
මෙහිදී වයස අවුරුදු 15ට අඩු පුද්ගලයින් සංඛ්‍යාව 2012ට සාපේක්ෂව 4.5%ක් අඩු වී තිබෙනවා.
වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයින් ගණන 2012ට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වැඩිව ඇති බව සඳහන්.
තවද අවුරුදු 15 -64 අතර පිරිස 66.7%ක් ලෙස වාර්තාවේ පෙන්වා දෙනවා.
රටේ ජනවාර්ගික බෙදීම සිංහල 74.1%, දෙමළ 12.3%, මුස්ලිම්/යෝනක 10.5%, ඉන්දියානු දෙමළ 2.8% ලෙස දැක්වෙනවා.
2012 වසර සැසදීමේ දී ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සමස්ථ ජනගහණය අතර ඉහළම වර්ධන වේගය වාර්තා වී තිබෙනවා.
එය මුළු ජනගහණයේ වර්ධන වේගය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිව ඇති බව සඳහන්.
උතුරු නැගෙනහිර සහ නුවරඑළිය දිස්ත්‍රික්කය හැර අනෙක් දිස්ත්‍රික්කවල ජනගහනයෙන් 70%කට වඩා සිංහල ජනතාව වන අතර මන්නාරම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලාංකික දෙමළ සංඛ්‍යාවේ 7.7%ක සැලකිය යුතු අඩුවීමක් වාර්තා වී තිබෙනවා.
අම්පාර, පොළොන්නරුව සහ හම්බන්තොට හැර අනෙක් දිස්ත්‍රික්කවල ඉන්දියානු දෙමළ ජනගහණය ද සැලකිය යුතු ලෙසද අඩුව ඇති බවද වාර්තා වනවා.
තවද බෞද්ධ – 69.8%ක්ද, හින්දු – 12.6%ක්ද, ඉස්ලාම් – 10.7%ක්ද, රෝමානු කතෝලික – 5.6%ක්ද, ක්‍රිස්තියානි – 1.3%ක්ද, ලෙස එම සංගණන වාර්තාවේ සඳහන් වනවා.








Leave a Reply