Loading...

අනධ්‍යන විධායක ශ්‍රේණිය වැඩ වර්ජනයත් අවසන්

විශ්ව විද්‍යාලය අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වර්ජනය අතහැර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව විධායක ශ්‍රේණියේ නිලධාරීන් වර්ජනය අත්හැරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් මාස දෙකකට අධික කාලයක් ක්‍රියාත්මක කර තිබෙන වැඩ වර්ජනය අවසන් නොකළ බවයි.

වර්ජනය අවසන් කළ බවට පවසන විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 500ක් පමණක් සිටින බවද ඔහු සඳහන් කරනවා.

එම සංගමයේ සම සභාපතිවරයා පවසන්නේ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් 12000කට අධික ගණනක් මේ දක්වා වර්ජනයේ නිරත වන බවයි.

තම ඉල්ලීම්වලට නිසි විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය අත්නොහරින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *