Loading...

ජාත්‍යන්තර බැදුම්කර ගැන ආරංචියත් සුබ වෙයි

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණය හිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවට පැමිණ තිබෙනවා.

රොයිටර් පුවත් සේවයේ වාර්තා පෙන්වා දෙන්නේ ඊයේ (03) දිනයේ දී අදාළ එකඟතාවයකට පැමිණ ඇති බවයි.

මේ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව වන එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්.

වසරකට වැඩි කලක් පැවැති සාකච්ඡාවලින් පසුව මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා.

මේ අනුව ජාත්‍යන්තර බැදුම්කරවල 28% නාමික අඩු කිරීමට ණය හිමියන් එකඟ වී ඇති බව වාර්තා වනවා.

ජාත්‍යන්තර බැදුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම මුල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදී ඇති ප්‍රධාන කොන්දේසියක් වන අතර ශ්‍රී ලංකාව ද්වී පාර්ශවික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා මේ වන විටත් ගිවිසුම් අත්සන් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *