ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු ඊයේ (13) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.
ඒ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්.
මෙහිදී ඔහුගේ අවසන් කටයුතු සඳහා පොලීසියේ සහ විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව ද ලැබී තිබුණා.
මේ අතර මාකදුරේ මදුෂ්ගේ දේහය භූමදාන කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමියේ ඉදිරිපස ඔහුගේ ඡායාරූපයක් සහිත බැනරයක් ප්‍රදර්ශනයක් කර තිබුණා.
එම බැනරයේ සඳහන්ව තිබුණේ “අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න.” යනුවෙන්.
පසුගිය 8 වනදා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරොකේ වසන්ත ඔහුගේ බිරිඳ මෙන්ම ජනප්‍රිය ගායිකා කේ සුජීවා සහ ඇයගේ සැමියා ඇතුළු කීප දෙනකුටූ ටැටු කලාගාර විවෘත කිරීමට උත්සවයට සහභාගී වී කිරිබත් ආහාරයට ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ටි 56 ගිනි අවියකින් තබා පලා ගොස් තිබුණා.
Leave a Reply