ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහත්වරුන් අතර ඇති වූ බහින්බස්වීමක් සිදුව තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම බහින්බස්වීම පසුව ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවයි.
ගැටුමෙන් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මහතා කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
ගැටුම හේතුවෙන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බැවින් ඊට ශල්‍ය කර්මයක් ද සිදු කිරීමට නියමිත බවද වාර්තා වනවා.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මහනුවර ප්‍රදේශයේ ගැටළුවක් සම්බන්ධව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා වූ අවස්ථාවේදී මෙම බහින්බස්වීම සිදුව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා, “ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් ඉදිරිපිට ගුණතිලක රාජපක්ෂ මහතා තමාට ආවේගශීලීව කතා කළ අවස්ථාවේදී ඊට පිළිතුරු නොදෙන්නේ යැයි පවසා එළියට එන ලෙස මට ඔහුට පැවසුවා.
ගුණතිලක රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් එළියට එන විට මම ඔහුගේ කොළරයෙන් අල්ලාගෙන “උඹ මට කිව්වේ මොකක්දැයි” විමසූවා. ඒ අවස්ථාවේදී පොළොන්නරුවේ ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා පැමිණ ගහන්න එපා යැයි කියා ගුණතිලක රාජපක්ෂ මහතා පසුපසට අදින විට ඒ දෙදෙනාම එක ගොඩේ ඇදගෙන වැටුණා.
මගේ මෙම හැසිරීම් සියල්ල CCTV දර්ශනවල ඇති. මහින්දානන්ද අලුත්ගමගේ මහතා පහරදීමක් සිදු වෙලා නම් එම දර්ශනවලින් ඔප්පු කරගන්න පුළුවන්. මගේ ඔහු අතවත් තිබ්බේ නෑ. එත් ඔහුගේ කමීස කොළරයෙන් පමණක් ඇල්ලුවා.
පවතින අයහපත් කාලගුණය මහනුවර ජනතාවගේ නිවෙස් මතට ගස් වැටී ජනතාව ඉතා අසීරුවට පත්ව සිටිනවා. මම ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ඒ ගැන අවධානය යොමු කළා. එහෙත් එහිදී වනජීවී සහ වන සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පනතක් ගැන කියමින් ගස් කපා ඉවත් කිරීමේ කටයුත්ත පමා කිරීමට සැරසුණා.
බම්බු පනත් හකුලාගෙන ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ලෙස මම ඒ වෙලාවේදී කිව්වා. එහිදී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා ද මගේ කතාව අනුමත කරමින් අදහස් දැක්වුවා.”
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා ප්‍රකාශ කළේ පනත් පැත්තක තබා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන මෙන් තම එහිදී තදින්ම පැවසු බවයි.
එහිදී මධුර විතානගේ මන්ත්‍රීවරයා සහ අමාත්‍ය පවිත්‍රා වින්නිආරච්චි මහත්මිය අතර ද උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව ඇති බවද වාර්තා වනවා.








Leave a Reply