Artemis II ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය අද (03) නිල වශයෙන් මුදා හැර තිබෙනවා.
නාසා ආයතනය සිය X ගිණුමේ සඳහන් කර ඇත්තේ “ඒ අපි!” යන ශීර්ෂ පාඨය සමඟ එම ඡායාරූපය පළකර ඇත.
1972න් පසු සද වෙත ගමන් ගන්නා ඔරායන් අභ්‍යවකාශ යානය සිය මෙහෙයුම් පළමු දින පෘථිවි කක්ෂයේ රැඳී සිටියේ ජීවිත ආධාරක පද්ධති, වායු පද්ධති ඇතුළු යානයේ ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීමටයි.
කෙසේ නමුත් යානය අභ්‍යවකාශගත වී පැය කිහිපයකට පසු එහි වැසිකිළි පද්ධතියේ ගැටළුවක් මතුව තිබුණා.
පාලක මැදිරියේ ද සහය ඇතිව එම ගැටළුව නිරාකරණය කරගත් පසුව පෘථිවි කක්ෂයෙන් ඉවත්වී සඳ වෙතට යන දිශානතියකට එළැඹ තිබුණා.
නාසා ආයතනය නිවේදනය කරන්නේ ගගනගාමීන් සිව්දෙනාම නිරෝගීව සිටින බවත් යානය ද හොඳින් ක්‍රියා කරන බවත්ය.
යානයේ ගමන් කරන ගඟනගාමීන් සිය පළමු දින අවසානයේ අත්දැකීම් හුවමාරු කර ගැනීමට වීඩියෝ ඇමතුමක් මඟින් නාසා ආයතනය හා සම්බන්ධ වී තිබුණා.
මේ අනුව තවත් දින 4කට නොඅඩු කාලයකින් යානය චන්ද්‍රයා ආසන්නයට ගමන් කිරීමට නියමිතයි.







Leave a Reply