ඊශ්‍රායල – හමාස් යුද්ධයේ සටන් විරාමයකට එළැඹීම සඳහා සාකච්ඡාව ලබන සතියේ ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වූ ගිවිසුමක් පිළිබඳව දෙපාර්ශවය මේ වන තුරු එකඟතාවකට පැමිණ නොමැති බවයි.
සටන් විරාමයක් සඳහා එක්සත් ජනපද සැලැස්ම යෝජනා කර ඇති බවයි හමාස් සංවිධානය සඳහන් කළේ.
කෙසේ වෙතත් සංශෝධනවලට ඊශ්‍රායල ස්ථාවරය පැහැදිලි නොමැති වුවත් ධනාත්මක ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නොමැති වාර්තා වී තිබෙනවා.
මේ අතර ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මේ මසදී වොෂින්ටන්යේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි.
Leave a Reply