Loading...

සිංගප්පුරුවෙන් ගෙන්වන භාණ්ඩ ගැන රජය ගත් අලුත්ම තීන්දුව

ශ්‍රී ලංකා සිංගප්පුරුව නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් පැල් අඩු කිරීමට රජය තීරණය ගෙන තිබෙනවා.

මුදල් අමාත්‍යංශය කියා සිටියේ මාර්තු මස 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් වූ පැල් බද්ද 6%ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි.

මේ අනුව ශ්‍රී ලංකා සිංගප්පුරුව නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ කරනු ලබන සිමෙන්ති, ඇපල් ඇතුළු පලතුරු වර්ග කිහිපයක්, සහ ළදරු කිරි ආහාර සඳහා අයකළ බද්ද 6%ක් දක්වා අඩු වනු ඇති.

තවද පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය, රෙදි පිළි සඳහා වන අමුද්‍රව්‍ය, වාහන අමතර කොටස්, පාපැදි සහ යතුරු පැදි සඳහා ද මෙම බදු සංශෝධනය අදාළ වන බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ඖෂධ වර්ග, ශල්‍ය උපකරණ, විද්‍යුත් උපකරණ, නාන කාමර උපකරණ, පොලිතින් හා ප්ලාස්ටික්, ඇලුමිනියම් සහ ලී භාණ්ඩ සඳහා අයකරනු ලබන බදු ද සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *