Loading...

විජයදාසට අධිකරණයෙන් දුන් නියෝගය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය ලබන 28 දක්වා දීර්ඝ කිරීමට කර තිබෙනවා.

කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය හමුවේ අද (14) නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

නඩුව අද (14) කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේ දී පැමිණිලිකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් නීතිඥවරයෙක් පෙනී සිටියේ නැහැ.

මේ අනුව අදාළ නියෝගය දීර්ඝ කිරීම පිළිබඳව ඉල්ලීමක් ඉදිරිපත් නොවන නිසා එය දීර්ඝ නොකරන බවද විනිසුරුවරිය සඳහන් කළා.

මෙහිදී අදාළ පැමිණිල්ලේ වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් නම් කර සිටින විජයදාස රාජපක්ෂ සහ සරත් ඒකනායක යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයමුදිතා ජයසුරිය මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් උත්තර හා විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් ඉන්පසුව නඩුව යළි කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් වෙනත් නඩු විභාගයකට සහභාගී වී සිටි හෙයින් මෙම නඩුව සඳහා පෙනී සිටීමට නොහැකි වූ බවත් ඒ අනුව නඩුවට අදාළ වාරණ නියෝගය දීර්ඝ කරන ලෙසත් ඉල්ලීමක් කර තිබුණා.

අදාළ ඉල්ලීම පිළිගත් අධිකරණය නඩුවට අදාළ උත්තර හා විරෝධතා ගොනු කිරීමට ජුලි මස 18 වනදා කල් ලබා දුන්නා.

ඊට අමතරව වාරණ නියෝගය ජුනි මස 18 වනදා දක්වා තවදුරටත් නියෝග කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *