ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.
මීට අදාළ නඩුව අද (11) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවුණු ලැබුවා.
මෙහිදී නඩුවක අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර පාර්ශවයේ අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන්පසුව වාරණ නියෝගය මේ මස 25 වන දක්වා දීර්ඝ කරන ලෙස අධිකරණය විසින් නියම කළා.
එම පක්ෂයේ භාණ්ඩාගාරික මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයකු වන ලසන්ත අලගියවන්න මහතා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.
Leave a Reply