Loading...

සේනක බටගොඩට එරෙහි වාරණ නියෝගය තවත් දීර්ඝ කෙරේ

කොළඹ වාණිජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7ක් ගායනය කිරීම සම්බන්ධයෙන් වාරණය කරමින් නිකුත් කළ වාරණ ආඥාව ජුනි මස 18 දක්වා නැවතත් දීර්ඝ කර තිබෙනවා.

ඊයේ (අප්‍රේල් 30) දිනයේ දී අදාළ නඩුව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නැවත කැඳවනු ලැබුවා.

ඒ අනුව සේනක බටගොඩ මහතාට “අපි කවුරැද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත ගායනා කිරීම තවදුරටත් වාරණය වනු ඇති.

අදාළ ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණ සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක මහතා විසින් බටගොඩ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ තිලිණි හේවාවිතාරණගේ උපදෙස් මත නීතිඥ සදුන් සේනාධිපති පෙනි සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *