Loading...

මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කර තිබූ වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගොනුකර තිබූ පැමිණිල්ලකට අනුවයි මෙම වාරණ නියෝගය නිකුත් කෙරුණේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගිය 4 වනදා මෙම වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ ඔහු පක්ෂ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවයි.

දින 14ක් දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කළ එම වාරණ නියෝගය අද (18) පෙරවරුවේ යළි සලකා බැලු අතර ඒ අනුවයි මෙම වාරණ නියෝගය ලබන මැයි මස 09 වනදා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර ඇත්තේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *