Loading...

ඉන්දීය බිත්තරය ටිකෙන් ටික ඈතට

උත්සවයේ සමයේ හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාවක් ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා කියා සිටියේ ශීත කළ කුකුළු මස් රුපියල් 1000ක් වැනි මුදලකට අලෙවි කිරීමේ හැකියාව ඇති බවයි.

මේ අතර ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ආනයනය කළ බිත්තර මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් උත්සව සමයේ වෙළෙඳපොලට නිකුත් කරන බවයි එම සංස්ථාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *