පසුගිය වසරේ මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිත තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම හේතුවෙන් මහජනතාවගෙන් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශ කිරීම කල් දමා තිබෙනවා.
අගවිනිසුරු ජයයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණා.
අද (06) දිනයේ දී පෙත්සම්වලට අදාළ වාචික දේශනා ඉදිරිපත් කිරීම අවසන් වුණා.
සමඟි ජන බලවේගයේ, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.
පසුගිය වසරේ මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම එදින නොපවත්විමෙන් මහජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
Leave a Reply