අදානි සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් සිදුව නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මාධ්‍යවේදියා – ඔබතුමන්ලා අවස්ථා කිහිපයකදී විවිධ මත පළකලා මේ ව්‍යාපෘතිය ගැන? දැන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලංකාවේ සංචාරයකට එනවා කියලා තියෙනවා. අදානි සමුහ ව්‍යාපාරය ගැන වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද?
අමාත්‍යවරයා – අදානි සමාගම ගැන ආණ්ඩුවේ ස්ථාවරය වෙනසක් නැහැ. ජනාධිපති තුමා ඉන්දියාවට යන්න කලින් එක මතයක් ඉන්දියාවට ගියාට පස්සේ එක මතයක් කියලා පැතිරෙන කතාව බොරු. අපේ ස්ථාවරය ආයෝජනයට විවෘතයි. ආදනී සමාගම අපිට ගැලපෙන ආයෝජන ගෙනාවා නම් ඒවා විවෘතව සාකච්ඡා කරන්න සුදානම්. හැබැයි මේ ව්‍යාපෘතියේ ගාස්තු ගැන රජයට අදහසක් තියෙනවා. මොකද මේ ගාස්තු ඉහළයි. අපේ ඉල්ලීම මේ ගාස්තු සංශෝධනය වෙන්න ඕන කියන එක. ගාස්තු සංශෝධනය කරගෙන එනවා නම් ඒක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ගාස්තු සංශෝධනයට අකමැති නම් ඔවුන් පුළුවන් ඒ ව්‍යාපෘතිය අත්හැරලා යන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ නෑ ලංකාවට එන ආයෝජකයෝ යනවා කියන එක. කවර ආයෝජකයෙක් උනත් ඒ බර අපිට දරා ගන්න බැරි නම් අවසානයේ ඒ බර ජනතාවට පවරන්න වෙනවා නම් රජය ඒ සම්බන්ධව තීන්දුවක් ගන්නවා. ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයේ දීත් කිව්වා අපේ මතය. ඒ අනුව එම සමාගම තීන්දුවකට එළැඹුණේ. අපි සාකච්ඡා කරන්න සුදානම්. හැබැයි එක රටක් සහ එක සමාගමක් පමණක් මත යැපෙන්නේ නැහැ. රටේ ජනතාවට වෙන වාසිය අනුව තමා අපි තීරණය ගන්නේ.”
Leave a Reply