වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම ලබා දීමට කටයුතු කළහොත් දැනට පනවා තිබෙන 18%ක් පවතින වැට් බද්ද 20% – 21% ත් අතර අගයකින් ඉහළ නැංවීමට සිදුවනු ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති සාකච්ඡාවේදීයි.
තවද මහජනතාව පීඩාවට පත් කරමින් මෙවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවද ඒ මහතා කියා සිටියා.
පවතින අයවැය ප්‍රතිපාදන මත මෙම වසරේ දී වැටුප් වැඩි කිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති බවත්, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටුවෙන් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් භාණ්ඩාගාර ලේකම් මෙහිදී අවධාරණය කර තිබෙනවා.
Leave a Reply