ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදු කිරීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම විශ්ලේෂණය සිදු කරන බවයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බවත් ඒ මහතා කියා සිටිනවා.
ජනාධිපතිවරයා මේ පිළිබඳව ඉතා උනන්දුවෙන් හා සංවේදීව කටයුතු කරන බව පවසන අමාත්‍යවරයා විවධ වයස් තලයන්ගේ පොලී ප්‍රතිශතයන් පිළිබඳව ලැබෙන විවිධ ඉල්ලීම් සියල්ලම සලකා බලා මේ සම්බන්ධව විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිත බවයි.
රට තුළ මේ වන විට පවතින මුදල් ප්‍රවාහ පිළිබඳව සැලකිලිමත් වෙමින් ඒ සම්බන්ධව පැහැදිලි වාර්තාවක් ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Leave a Reply