Loading...

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ගැන රජය ගත් තීරණය

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් ගැටළුව විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මත වීම තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අදාළ යෝජනාව ඊයේ (13) රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව අදාළ යෝජනාව අඩංගු කරුණු සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට එහිදී තීරණය වී තිබෙනවා.

එම යෝජනාව මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබීමෙන් අනතුරු කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා කියා සිටියේ සිය ගැටළුවලට විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වීම හේතුවෙන් ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *