Loading...

අමෙරිකානු නැව ගැන රජයගත් තීරණය

අමෙරිකා විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබෙනවා.

රජය මෙම පියවර ගෙන ඇත්තේ කිසිඳු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණයක් අනුවයි.

ඉන්ධන, ජලය පිරිසිදු කිරීම්, ආහාර පාන ආදී පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් අමෙරිකා පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති අතර ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් එම සියළු පහසුකම් ලබාදීමට රජය මේවන විට තීරණය කර තිබෙනවා.

එම නෞකාව චෙන්නායි වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති නමුත් ඔවුන් එම අවසරය ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පර්යේෂණ නෞකාවක් මෙරටට ඇතුළු වීමට කළ ඉල්ලීම මීට පෙර අවස්ථාවකදී ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *