Loading...

මෙවර අයවැයෙන් අපේක්ෂිත ආදායම රජයට ගන්න බෑ – වෙරිටේ රිසර්ච් ආයතනය කියයි

2024 අයවැයෙන් රජය අපේක්ෂා කරන ආදායමට වඩා සැබැවින් ලැබෙන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 594කින් අඩු බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එය ප්‍රතිශතයක් ලෙස රජය අපේක්ෂා කළ ආදායමට සාපේක්ෂව 14% අඩුවීමක් බවයි.

මෙවර අයවැයෙන් රජය රුපියල් බිලියන 4154ක ආදායමක් අපේක්ෂා කර තිබුණ ද සැබැවින්ම රජය ලැබෙනුයේ රුපියල් බිලියන 3570ක මුදලක් පමණි.

වැට් බද්දෙන් ලැබෙන ආදායම සහ සමාගම් හා පුද්ගලික ආදායම් බදු, සමාජ ආරක්ෂණ බද්ද සහ රේගු බද්ද යන බදුවලින් ලැබෙන ආදායම අධිතක්සේරු කිරීම හේතුවෙන් රජය අපේක්ෂා කළ ආදායම සහ සැබෑ ආදායම අතර වෙනසක් නිර්මාණය වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු 1991 වසරේ සිට ඉදිරිපත් කර තිබෙන අයවැය සලකා බැලීමේ දී කිසිඳු අයවැයකින් රජය අපේක්ෂා කළ ආදායම රජයට ලැබී නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප පුවත්පත


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *