Loading...

චාර්ල්ස් රජුගේ අවමංගල්‍ය උත්සවය යාවත්කාලින වෙයි

පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා විදින තුන්වන චාර්ල්ස් රජුගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රජු සඳහා වන අවමංගල්‍ය සැලසුම යාවත්කාලීන කර ඇති රාජකීය පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රජුගේ තත්ත්වය මේ වන විට එතරම් යහපත් නොවන බවයි.

රජුගේ මව වූ දෙවන එලිසබෙත් රැජින 2022 වසරේ අභාවප්‍රාප්ත කිරීමෙන් පසු දේහය මිහිදන් කළ දිනට පසු දිනම මෙම යාවත්කාලීන කිරීම ආරම්භ කර ඇති බව සඳහන්.

ඒ අනුව චාර්ල්ස් රජුගේ අවමංගල්‍ය සැලසුම නම් කර ඇත්තේ “මෙනායි පාලම මෙහෙයුම” හෙවත් “Operation Menai Bridge” යනුවෙනි.

එලිසබෙත් රැජිනියගේ අවමංගල්‍ය මෙහෙයුම “Operation London Bridge” ලෙස නම් කර තිබුණු අතර ඇයගේ අභාවයෙන් වූ අවස්ථාවේ දී එය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ට දැනුම් දී තිබුණේ “London Bridge is down” ලෙසයි.

75 වන වියේ පසුවන රජු පිළිකා රෝගයකින් පෙලෙන බව පසුගිය පෙබරවාරි මසදී බකිංහැම් මාලිගාව ලෝකයට තොරතුරු වාර්තා කළා.

BBC


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *