මහව අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් නිකුත් කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් මිලියන 14.89ක වියදම ණයක් ලෙස ඉන්දීය රජයෙන් දීමට යෝජනා කර තිබුණා.
එය 2024 දෙසැම්බර් මසදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයේ දී ඉන්දීය රජය විසින් එය ප්‍රදානයක් බවට පත්කරනු ලැබුවා.
මෙම ව්‍යාපෘතිය ඉන්දියානු රාජ්‍ය අංශයේ ආයතනයක් වන ඉර්කෝන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව ඉන්දීය ආධාර ඇතිව උතුරු මාර්ගයේ ධාවන පථ පැයට කිලෝමීටර් 100ක් දක්වා දුම්රිය වේගයට සහාය වන පරිදි වැඩිදියුණු කරන අතර ඊට සමඟාමීව දියුණු සංඥා පද්ධතියක් හරහා මඟීන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමෙන් තුළින් දුම්රිය සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩිවනු ඇති.
මෙම ව්‍යාපෘතියේ මුලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ව්‍යාපෘතිය 2026 අගෝස්තු වන විට අවසන් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ දුම්රිය අංශයට ඉන්දියාවේ සමුච්චිත මුල්‍ය ආධාර ආසන්න ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 1.2කි.








Leave a Reply