2024 වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බවයි.
ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 24 වන බදාදා දින ආරම්භ වීමට නියමිතයි.
මේ අතර මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර 17 වන බදාදා දිනයේ ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply