10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
අද (21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කථානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිත බව සඳහන්.
කථානායකවරයා තෝරා පත් කර ගැනීමෙන් පසුව කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් ලබාදීම මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම නියෝජ්‍ය කථානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති පත් කර ගැනීම සිදු කරනු ඇති.
10 වන පාර්ලිමේන්තුවේ ආරම්භක දිනය හේතුවෙන් මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති වීම හේතුවෙන් තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමි වනවා.
මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තු තාවකාලිකව අත්හිටුවීම සිදුකරනු ඇති.
ඉන්පසු පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත 10 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට නියමිත අතර ජයමංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලී මෙවර නොපැවැත්වෙන බවයි.
මේ අනුව පෙරවරු 11.00 පමණ වන විට සියලු ආරාධිතයින් අසුන් ගැනීමට නියමිත අතර පෙරවරු 11.10ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී කථානායකවරයා පිළිගැනීමට නියමිතව තිබෙනවා.
අනතුරුව අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සිදුවන අතර ජනාධිපතිවරයාගේ පැමිණීම ඉන්පසුව සිදුවනු ඇති.
පෙරවරු 11.20ට කථානායකවරයා හා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපතිවරයා පිළිගැනීමට නියමිතව තිබෙනවා.
Leave a Reply