මියන්මාරයේ ඇති භූ කම්පනය හේතුවෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාරා ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය හෙට (05) දින මියන්මාරය බලා පිටත්ව යාමට නියමතව තිබෙනවා.
අදාළ ගුවන් යානය සඳහා වෛද්‍ය කණ්ඩායමක් සහ විපතට පත් ජනතාව මුදවා ගැනීම සඳහා මුදවා ගැනීමේ කණ්ඩායමක් මෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් යුතුව රැස් කරගන්නා ලද මානුෂීය ආධාරද අයත් වනවා.
එම ගුවන් යානය හෙට (05) පෙරවරු 7.45ට මියන්මාරය බලා පිටත්ව යාමට නියමිත බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
Leave a Reply