පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව පළමු හා දෙවන ජාලය හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ යාපනයේ ප්‍රජා පොලිස් කමිටු හමුවකට එක් වෙමින්.
පවතින නීතිය තුළ පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කළ හැකි උපරිම දේ සිදුකරන බවද ඔහු මෙහිදී කියා සිටියා.
”2025 වසර 2024 වසරට වඩා වැඩි කාර්ය සාධනයක් ලබා ගන්න ඉදිරියේ දී කටයුතු කරනවා. එ් සම්බන්ධව අවශ්‍ය උපදෙස්, අවශ්‍ය පහසුකම් දැනට රජය උපරිම ආකාරයෙන් අපට ලබා දීලා තියනවා.
පාතාල ක්‍රියාකාරකම්වල සම්පූර්ණයෙන් මේ වෙනකොට අපි හඳුනාගෙන තියනවා පුද්ගලයො කවුද කියලා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය රතු නිවේදන, නිල් නිවේදන අපි ලබාගෙන තියනවා. ඊයෙත් අපි අලුත් නිවේදනයක් ලබා ගත්තා පුද්ගලයෙක් සම්බන්ධයෙන්.
එත් එක්කම මත්ද්‍රව්‍ය ජාවාරමත් එක්ක සම්බන්ධකම් පවත්වන පළවෙනි ජාලය සහ දෙවැනි ජාලයත් පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පළවෙනි ජාලය සහ දෙවැනි ජාලයත් හඳුනා ගනිමින් පවතිනවා. අපි ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.
ඒවා ඔක්කොම මාධ්‍යයට අනාවරණය කරන්නේ නෑ. අපි ඒ සම්බන්ධව අවශ්‍ය නීතිමය රාමුව තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.”
Leave a Reply