සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීන්දුව තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
මේ අනුව එම කාලීන ආහාර පැකේජය පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්.
මෙවර අයවැය යෝජනාවකට අනුව මෙම ආහාර පැකේජය අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් 812753 අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහා ලබාදීමට නියමිතව තිබුණා.
රුපියල් 5000ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුපියල් 2500ක සහන මිලකට ලබාදීමට තීරණය වූණා.
මෙම ආහාර පැකේජය සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ අතර අප්‍රේල් මස 1 වනදා සිට 13 වනදා දක්වා ලංකා සතොස සහ කෝප් අලෙවිසැල් හරහා බෙදා හැරීමට සැලසුම් කර තිබුණා.
Leave a Reply