Loading...

ශ්‍රී ලංකා – නවසීලන්ත අතර තීරණාත්මක ගැටුම අද

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය අද (25) රාත්‍රී 7ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් ශ්‍රී ලංකාව අද (25) තරඟය ජය ගැනීම අනිවාර්ය වනවා.

තවද අද (25) තරඟයේ දී නරඹන්නන් සඳහා වෙන්කර ඇති ඇතුළුවීමේ කවුළු පස්වරු 4ට විවෘත කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාලෝලීන්ට දැනුම් දෙන්නේ තදබදය වළක්වා ගැනීම සඳහා කලින් ක්‍රීඩාංගණයට ඇතුළු වන ලෙසයි.

මෙම තරඟය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවද පොලීසිය පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *