අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමට තීරණය කර ඇති බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.
උන් වහන්සේ කියා සිටින්නේ දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට මින් පසු අවසර ලබා නොදෙන බවයි.
2023 – 2024 වර්ෂය සඳහා ශ්‍රී පාදය වන්දනා වාරය මේ මස 24 වන වෙසක් පොහෝදායින් අවසන් කිරීම පිළිබඳව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති දැනුවත් කිරිමේ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් මේ බව සඳහන් කළා.
මේ අනුව අවාරයේ ශ්‍රී පාදය සංචාරය සඳහා පැමිණෙන දේශීය සංචාරකයන් ශ්‍රී පාද පුදබිම සහ පරිසරයට විශාල ලෙස හානි සිදු කරන හෙයින් අවාරයේ ශ්‍රී පාදස්ථානයේ සංචාරය කිරීමට අවසර ලබා නොදීමට තීරණය ගෙන තිබෙනවා.
උන්වහන්සේ මෙම සාකච්ඡාවේදී දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සහ නල්ලතන්නිය පොලිසියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ අවාරයේ ශ්‍රි පාදය සංචාරය සදහා සියළුම මාර්ග ඔස්සේ පැමිණෙන දේශිය සංචාරකයන්ට අවසර ලබා නොදෙන ලෙසයි.
Leave a Reply