Loading...

ජල සැපයුම ගැන ජල සම්පාදන මණ්ඩලය ගත් තීරණය

වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 6ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන තිබෙනවා.

ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවල මෙලෙස මුර ක්‍රමයට ජලය සම්පාදනය කරන බවයි.

ඊට අමතරව ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා එල්ල වී බවත් කළමනාකරණ කරමින් එම ප්‍රදේශවලට ජලය නිකුත් කරන බවත් එම මණ්ඩලය සඳහන් කළා.

මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති ප්‍රදේශවල ඇතැම් ප්‍රාදේශීය බෙදා හැරීම් මධ්‍යස්ථානවල ජලය බෙදා හැරීම නිශ්චිත කාලසටහනක් අනුව සිදු කිරීමට ද නියමිතයි.

ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ අවශ්‍ය නම් ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරීමට සුදානමක් ඇති බවයි.

ඒ සඳහා බවුසර් 150ක් සුදානමින් ඇති බවද සඳහන්.

ජලය සැපයීමේදී යම් ගැටළුවක් ඇති වුවහොත් 1939ට දැනුම් දීමක් කරන ලෙසද එම මණ්ඩලය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *