දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නොවන බව අනුරාධපුර පොලීසිය ඊයේ (23) අධිකරණය හමුවේ පෙන්වා දී තිබෙනවා.
අනුරාධපු පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන මහතා අධිකරණයේ දී ප්‍රකාශ කර ඇත්තේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නවාතැන්ගෙන සිටි දුම්රිය සංචාරක නිවාස කාමරයේ තැන තැන ලේ පැල්ලම් දක්කනට තිබූ බවයි.
තවද ඔහුගේ මළ සිරුර තිබුණේ නිදාගෙන සිටි ඇඳ මත නොව අදාළ කාමරයේ ටයිල් කැට අතුරු පොළව මත බවද අධිකරණය හමුවේ උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කර තිබෙනවා.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් උප පොලිස් පරීක්ෂකවරයා පෙන්වා දී ඇත්තේ සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය යම් අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුවූ ස්වභාවික මරණයක් ද නැත්නම් ඝාතනයක් ද යන්න අනාවරණය කර ගැනීමට පොලීසියට අවශ්‍ය බවයි.
එම කරුණු සැලකිල්ලට ගනිමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව නොපමාව අධිකරණයට දන්වන ලෙසද අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබෙනවා.
අදාළ සිද්ධිය මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබන මැයි මස 14 වනදා විවෘත අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට තවදුරටත් නියෝග කර ඇති බව සඳහන්.
තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප
Leave a Reply