ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමඟ අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය වැටුණු ස්ථානය සොයාගෙන තිබෙනවා.
ඉරාන රාජ්‍ය රූපවාහනිය මේ බව නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.
මේ අතර ඉරාන රතු අඩසඳ සමාජයේ ප්‍රධානියා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ පවතින වාතාවරණය යහපත් නොවන බවයි.
ජීවතුන් අතර කිසිවෙක් හෝ සිටින බවට සේයාවක් නොමැති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් සඳහන් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවන් පෙන්වා දෙන්නේ ඉරාන ජනාධිපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටරය සම්පුර්ණයෙන්ම දැවී ගොස් ඇති බවයි.
ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ඇතුළු එරට බලධාරීන් පිරිසක් ඉරාන අසර්බයිජාන දේශ සීමාවේ වේල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ (19) එක්ව තිබුණා.
එම උත්සවයෙන් අනතුරුව ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී අධික වැසි සහ සුළං තත්ත්වය හමුවේ නැගෙනහිර අසර්බයිජාන පළාතේ වර්සාකාන් සහ ජෝල්ෆා නගර අතර ඩිස්මාර් නම් කඳුකර වනාන්තර කලාපයට හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.
මේ අනුව ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය හෝ පිරිස සොයා ගැනීමට පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන ජනාධිපතිවරයා සමඟ එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් හදිසි ගොඩබෑම අවස්ථාවේ යානය තුළ සිට ඇති බව වාර්තා වුණා.








Leave a Reply