Loading...

වතු සමාගම්වල පෙත්සම් ගැන අධිකරණය ගත් තීරණය

වතු සේවකයින්ගේ වැටුප් වැඩි කරමින් පසුගියදා කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණ දී ඇති තීන්දුවට එරෙහිව වතු සමාගම් විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු සමාගම් 21ක් විසින් මෙම අභියාචනා ඉදිරිපත් කර තිබුණා.

වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත් දා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි පෙත්සම්කාර සමාගම් කියා සිටින්නේ.

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස තමන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකළ බවත් එය විභාගය සඳහා ගැනීමට තීන්දු කළ අභියාචනාධිකරණය අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීම තීරණය කළ බවත්ය.

එම තීරණය නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් වතු සමාගම් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *