පොලිස්පතිවරයා පත්කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළකර ඇති බව වාර්තා වනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (26) පස්වරුවේ රැස්ව තිබෙනවා.
ඔහු එහිදී සඳහන් කර ඇත්තේ පොලිස්පතිවරයා පත්කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන් නිවැරදි තීරණය ගෙන ඇති හෙයින් මෙම ගැටලුව තමාට හෝ ජනාධිපතිවරයාට හෝ විසඳිය හැකි එකක් නොවන බව ඊට පිළිතුරු ලබාදෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ගැටලුව විසඳිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයම බවද කථානායකවරයා මෙහිදී සඳහන් කර ඇත.
සාකච්ඡාවට එක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගැන දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති බව වාර්තා වනවා.
මෙම රැස්වීම පැයකට ආසන්න කාලයක් පමණ පැවැත්වුණු බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
Leave a Reply