Loading...

තීරු බදු ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුව ජනපතිව හමුවෙයි

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුව තිබෙනවා.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ මෙම තීරු බදු පැනවීමේ පසුබිම සහ පදනම සහ මෙවැනි විශාල අගයකින් තීරු බදු පැනවීම නිසා කුඩා ආර්ථිකයක් ශ්‍රී ලංකාව වැනි රටවලට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳව පුළුල්ව සාකච්ඡා කළ බවයි.

මේ අනුව උද්ගතව ඇති නව තත්ත්වය හමුවේ රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *