එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය සම්බන්ධව ශ්‍රී ලංකා රජය හැකි ඉක්මණින් එක්සත් ජනපද රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව වාර්තා වනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුව අතර පැවැත්වෙන සාකච්ඡාවේදී මේ බව හෙළිව තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම සාකච්ඡාව අද (05) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති බවයි.
මෙම තීරු බදු පැනවීම හමුවේ රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධ කමිටුව විසින් ඉදිරිපත් කරන තිබෙන යෝජනා මෙහිදී පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරුණා.
තවද මේ හමුවේ ලබාගත හැකි සහන සම්බන්ධ ශ්‍රී ලංකා රජය හැකි ඉක්මණින් එක්සත් ජනපද රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.
කමිටුව නියෝජනය කරන ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලනෙත්තිරාජා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන පෙරේරා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඔමාර්, මාස් හෝල්ඩිංග් සම නිර්මාතෘ ෂෙරාඩ් අමලීන්, හෙලිස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ, ආනන්ද කල්දේරා යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
තවද මෙම සාකච්ඡාව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ද සහභාගි වී තිබෙනවා.
Leave a Reply