Loading...

කෝපා කමිටුවේ සභාපතිත්වය විපක්ෂයට ලබා දෙනවා – සභානායක

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ පක්ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් අද (6) පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

“රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට අපි තීන්දු කර තිබෙනවා. ඒක ඔබතුමාලා ඉල්ලපු දෙයක් නෙමෙයි. ඒ වගේම රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව වැඩිකරලා තිබෙනවා ස්ථාවර නියෝගවලට වඩා වැඩියෙන්.

කෝප් කමිටුවේ (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) සභාපතිකම අපි කිව්වා ඒක ආණ්ඩු පක්ෂයට අවශ්‍යයි කියලා. පළමු කාලයේදී පරීක්ෂා කරන්න වෙන්නෙ පසුගිය ආණ්ඩුවේ දේවල්. අපි කැමති නැහැ ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක් ඇවිල්ලා කෝප් එකේ සභාපති වෙනවට. ඒක සදාචාර සම්පන්න නෑ”.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *